Saturday, September 21, 2024

General line - 0115112241

ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ සිට තුවාල ලැබූ දෙදෙනෙක් මරුට (UPDATE)




නාවලපිටියේ සිට දොළාස්බාගේ දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් ගෝනවලපතන ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතලව පැවැති බවයි. 

මේ අතර තුවාල ලැබූ පිරිස 63 දෙනෙකු දක්වා වැඩි වී තිබෙනවා.

----------------------------------

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 53 ක් රෝහලේ (PHOTOS)

(05-04-2017 14:15)

 

බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළී එහි ගමන්ගත් පනස් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නාවලපිිටිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය පැවසුවේ.

නාවලපිටිය, ගොනාවලපතන ප‍්‍රදේශයේදී මෙලෙස බස් රථය ප්‍රපාතයට පෙරළී තිබෙනවා.

නාවලපිටියේ සිට දොලොස්බාගය දක්වා ධාවනය වූ ලංගම බස්රථයක් මෙලෙස අනතුරට ලක්වුණා. එම බස් රථය අඩි 300 ක පමණ ප‍්‍රපාතයකට පෙරළී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.