Saturday, September 21, 2024

General line - 0115112241

අලුත් පොලිස් ඒකකයක්




මෙරට තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ කි‍්‍රයාකාරකම් මැඩලීම සඳහා විශේෂ පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ලෙස නම් කර ඇති එම කොට්ඨාසය කොළඹ 12, මිහිදු මාවත, අංක 09 දරණ ස්ථානයේ පිහිටුවා ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

දිවයිනේ  ඕනෑම ප‍්‍රදේශයක සිදුවන සංවිධානාත්මක අපරාධ, අපරාධ කල්ලි මුල්වන අපරාධ විමර්ශනය, එම අපරාධ මැඩ පැවැත්වීම මෙම විශේෂ කොට්ඨාසය මගින් සිදු කෙරෙනවා.

ඊට අමතරව මත්ද්‍රව්‍ය සහ ගිණි අවිවලින් සිදුවන අපරාධ මැඩපැවැත්වීමද මෙම ඒකකය හරහා සිදුවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.  

ඕනෑම ප‍්‍රදේශයක සිදුවන සංවිධානාත්තමක අපරාධකරුවන්ගේ කි‍්‍රයාකාරකම් සම්බන්ධව පැය 24ක් පුරා කි‍්‍රයාත්මක දුරකථන අංකද මේ සඳහා හඳුන්වා දී තිබෙනවා.

011 2 32 62 29 හා 011 2 45 13 97 යන දුරකථන අංකවලට  ඕනෑම ප‍්‍රදේශයක සිදුවන අපරාධ පිළිබඳවද දැනුම්දිය හැකියි.