Saturday, September 21, 2024

General line - 0115112241

මත්පැන් බී සිහිසුන්ව වැටී සිටි සිසුන් පිරිසක් සොයා ගනී




අධික ලෙස මත්පැන් පානය කර රෝගාතුර වූ සිසුන් සිව් දෙනෙකු කතරගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පළමු පාසල් වාරය අද (05) දිනයෙන් අවසන් වූ අතර එහි සතුට සැමරීම සඳහා ඔවුන් මෙලෙස මත්පැන් පානය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

සිසුන් සිව් දෙනාගෙන් තිදෙනෙකුම පාසල් නිල ඇදුමෙන් සිට ඇති බවද අනාවරණ වි තිබෙනවා.

අධික ලෙස මත්පැන් පානය කළ මෙම සිසුන් සිව්දෙනා කතරගම, පෙරගිරිගම ප‍්‍රදේශයේ සිහිසුන්ව වැටී සිට ඇති අතර පසුව ප‍්‍රදේශවාසීන් එක්ව ඔවුන් කතරගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ වනවිටත් ඉන් තිදෙනෙකු සිහිසුන්ව ඇති බවයි රෝහල් ආරංචි පැවසුවේ. තිස්සමහාරාම ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක සිසුන් සිව් දෙනෙකුයි මෙලෙස අධික ලෙස මත්පැන් පානය කර රෝහල්ගතව සිටිනවා.