කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 120 ක් දුරින් මුහුදු තීරයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වූ පැනමා රාජ්‍යයට අයත් ඩැනීලා නෞකාවේ ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව නාවික හමුදාව පවසනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවේ සහයද ලබාගත් අතර නෞකාවේ සේවකයන් විසි දෙදෙනා නිරුපද්‍රිත බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.
ඩැනීලා නෞකාව ඊයේ (04) වන විට නාවික සැතපුම් 120 සිට 33 ක් දක්වා කොළඹ දෙසට යාත්‍රා කර තිබුණා.
එම නෞකාව යාත්‍රා කරන තෙක් නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් එයට සහාය දක්වමින් ගමන් කර තිබුණා.
ඒ අනුව, අද (05) වන විට නෞකාව කොළඹ ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 10 ක් දක්වා රැගෙන ඒමට නාවික හමුදාව සහාය දක්වා තිබෙනවා.