Saturday, September 21, 2024

General line - 0115112241

කවුරුත් බලා සිටි එජාප තනතුරු වෙනස න්‍යාය පත‍්‍රයෙත් නැහැ




එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදි පක්‍ෂයේ තනතුරුවල වෙනසක් සිදු නොවූ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදීයි. එහිදී රටේ සංවර්ධන ව්‍යාපෘති සහ පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ පමණක් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ.

තනතුරුවල වෙනසක් පිළිබඳව න්‍යාය පත‍්‍රයේද නොතිබු බව ඔහු පැවසුවා. 

මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීද මේ පිළිබද අදහස් පළ කෙරුණා. එහිදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පැවසුවේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරු රැසක වෙනසක් සිදුවනු ඇති බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරු 3 ක් මෙන්ම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට උප නායක තනතුරක් ලැබෙනු ඇතැයි මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුණා.