Saturday, September 21, 2024

General line - 0115112241

මිතුරන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවේදී යළිත් පැටලෙයි




හම්බන්තොට වරාය චීනයට විකිණීම සඳහා කිසිඳු ගිවිසුමකට එළඹ නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

චීනයෙන් ලබාගත් ණය සහ පොලී ගෙවීම සඳහා හම්බන්තොට වරාය ආශි‍්‍රතව හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කියාසිිිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ඉන් අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට විරෝධය පළ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පැවසුවේ "අගමැතිතුමා කිව්වා උසාවියට අපහාස කිරීමක් ලෙස සළකලා එතුමා මාව හිරේ යවනවයි...මිත්‍රයෙක් නිසා දඩ ගහනවයි කියලා."යනුවෙනි.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ "මම කිව්වේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට හිරේ යන්න කැමැත්තක් තියෙනවයි කියලා. එච්චරයි..එත් මම කිව්වේ මගේ මිත්‍රයා මම හිරේට යවන්නෙ නැහැ කියලා..එයාට සිද්ධවෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා බොරු කිව්වා කියලා සමාව ඉල්ලන්න." යනුවෙනි.