Saturday, September 21, 2024

General line - 0115112241

තාජුඩීන් ඝාතනයේ අලුත්ම වාර්තාව විවෘත නොකරයි




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශීතකරණවල තිබී සොයාගත් අස්ථි කොටස් ඝාතනයට ලක් වූ රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් සමග ගැලපෙන්නේ දැයි කෙරුණු පරීක්‍ෂණවල ඩී.එන්.ඒ. වාර්තාව අද (05) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට මේ පිළිබඳව දන්වනු ලැබුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක විසින්.

ඩී.එන්.ඒ. පරීක්‍ෂණයේ වාර්තාව ලැබුණද ස්ථිර මහේස්ත‍්‍රාත්වරයා නොමැතිවීම හේතුවෙන් අද එම වාර්තාව විවෘත නොකළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. 

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් සොයා ගැණුනු අස්ථි කොටස් රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයෙන් අස්ථානගත වූ  අස්ථි කොටස්ද යන්න සම්බන්ධයෙන් සංසන්දනය කිරීම සඳහා ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මීට පෙර ජින්ටෙක් ආයතනයටද නියෝග කළා. ඒ අනුව මෙම වාර්තාව ලැබී ඇති බවයි නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ. 

මේ අතර වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 18 වැනිදා දක්වා අද යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.