Saturday, September 21, 2024

General line - 0115112241

අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ ශී‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද




අපවත් වී වදාළ අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ ශී‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. මේ වනවිට නුගේගොඩ, පාගොඩ ශී‍්‍ර විජයාරාමයේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ ශී‍්‍ර දේහය රැගත් රිය පෙරහැර පස්වරු එකට එම ස්ථානයෙන් පිටත්ව යාමය නියමිතයි.

ආදාහන පූජෝත්සවයේ කටයුතු පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. 

මේ අතර අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ අපවත්වීම පිළිබදව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ මෙවන් සුපේෂල ශික්‍ෂාකාමි විනය ගරුක මහා ප‍්‍රාඥයන් වහන්සේ නමක් සසුනට අහිමිවීම දැරිය නොහැකි ඉමහත් පාඩුවක් බවයි. 

අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතාද ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.