Saturday, September 21, 2024

General line - 0115112241

විනිසුරුවරුන් ගණන වැඩි කරන්න යයි




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට සාකච්ඡා කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු විසදීමට දැනට සිටින විනිසුරුවන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

2016 වසර අවසන් වනවිට මෙරට සමස්ත අධිකරණ පද්ධතිය තුළ නඩු හත්ලක්‍ෂ හතලිස් පන්දහසකට අධික සංඛ්‍යාවක් පැවති බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ වැටුප් සංශෝධනය කිරීමේ යෝජනාව වෙනුවෙන් පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.