Saturday, September 21, 2024

General line - 0115112241

සේවක වර්ජනයෙන් පළාත් කිහිපයක විදුලිය බිඳ වැටේ (UPDATE)




ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් පළාත් කිහිපයක විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ සිය වර්ජනය හේතුවෙන් පළාත් කිහිපයක ස්වභාවික බිද වැටීම් යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකිවී ඇති බවයි. 

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (05) මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම වැඩවර්ජනය කි‍්‍රයාත්මකයි.

-----------------------------------

වර්ජනය ඇරඹෙයි - විදුලිය බිඳ වැටීමේ අවධානමක්

(06-04-2017 06:41)

 

අද  (06) දිනයේ  ක‍්‍රියාත්මක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බව විදුලි බල වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක‍්‍රියාත්මක බවයි.

ඊට වෘත්තීය සමිති තිස් දෙකක සාමාජිකයින් එක්ව සිටිනවා.

විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා ස්ථානවල සේවයේ නියුතු සේවකයින්ට විදුලිබල පාලන අධිකාරිය විසින් තර්ජනද සිදුකර ඇති බවයි රංජන් ජයලාල් පැවසුවේ.