Saturday, September 21, 2024

General line - 0115112241

දුමින්ද සිල්වා නඩුවකට වරද පිළිගනී




භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවකට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අද (06) ගිලන් රථයකින් අධිකරණය වෙත පැමිණියා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.

වත්කම් බැරකම් හෙළි නොකිරීමේ නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අද අධිකරණයේදී වරද පිළිගනු ලැබුවා.

2011, 2013 සහ 2014 වසරවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩු ගොණු කර තිබෙනවා.ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින්.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල තීරණය කළේ දුමින්ද සිල්වාට රුපියල් තුන්දහසක දඩයක් නියම කිරීමටයි. මෙම දඩ මුදල නොගෙවන්නේ නම් එක් එක් නඩුවට මසක සිරදඬුවමක් නියම කිරීමටත් නියෝග කෙරුණා.