Saturday, September 21, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයෙන් පාර්ලිමේන්තුව මග නවතියි




ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද (06) පාර්ලිමේන්තුවේ කටයුතු අතරමග අත්හිටවනු ලැබුවා.

ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් අදට නියමිතව තිබූ කල්තැබීමේ විවාදයට තමන්ට ප‍්‍රමාණවත් කාලයක් ලබාදී නොමැති බව පවසමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් මෙහිදී විරෝධය පළ කළා.

මේ හේතුවෙන් හෙට (07) දිනය දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමටයි කථානායකවරයා තීරණය කළේ.

උදෑසන 10.30 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටයුතු පස්වරු 3.00 ට අවසන් කිරීමට නියමිතව තිබුණා. ඒ, අපවත්වි වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්.