Saturday, September 21, 2024

General line - 0115112241

බදු අයකිරීමේ ක්‍රියාපටිපාටිය ගැන ජනපති නොසතුටෙන්




බදු අයකර ගැනීම සදහා දැනට තිබෙන පටිපාටීන් වඩා කාර්යක්ෂම සහ විධිමත් විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 16 වන වාර්ෂික සමුළුව අද අමතමින්. 

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන් සදහා පවතින පුරප්පාඩු නියමිත කාලයේ දී පුරවා නොතිබීම පිළිබදව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. 

සාකච්ඡා කර එම ගැටළු විසදා ගත යුතු බවයි එහිදී අවධාරණය කෙරුණේ. 

මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.