Saturday, September 21, 2024

General line - 0115112241

පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ දී මාල කඩයි




කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී පොලිස් කොස්තාපල්වරයෙකු කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලය කොල්ලකා තිබෙනවා.

කෙසේ වෙතත් පලා යාමට උත්සහ කළ අවස්ථාවේ කාන්තාවගේ සැමියා සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් එක්ව ඔහු අල්ලාගෙන පොලිසියට භාර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

මෙම පොලිස් කොස්තාපල්වරයා කුරුදුවත්ත පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින්නෙකු බව විමර්ශනවල දී අනාවරණ වුණා.