Saturday, September 21, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රීලනිපය අතර රහස් සාකච්ඡා




ඒකාබද්ධ විපක්ෂය සමග රහසිගත සාකච්ඡා තවදුරටත් සිදු කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. 

මේ, කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න. 
සඳහන් කළේ එකාබද්ධ විපක්ෂය හා තමන් අතර එතරම් ප්‍රතිපත්තිමය වෙනසක් නොමැති බවයි.

දෙපාර්ශවය අතර ඇතිව තිබෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් පමණක් බවද ඔහු සඳහන් කළා.

ඔවුන් පිටස්තරයින් ලෙස නොසලකන බවත් මෙම කණ්ඩායම් දෙක එකතු කිරීමේ වෑයමක නිරත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. 

ඔහු පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ඔවුන්ගේ තනතුරු තවමත් නිවැරදිව වටහාගෙන නොමැති බවයි. 

මෙවර මැයි දිනයේ දී රටේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබද වැදගත් ඉගි කිහිපයක් ලැබෙනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.