Saturday, September 21, 2024

General line - 0115112241

ගවමස් කෑ අම්පාරේ තවත් අයෙක් මරුට - මරණ ගණන හතරයි - 600ක් රෝහලේ (UPDATE)




අම්පාර දමන දහය කොළණිය වනේගමුව පල්ලියේ පැවති උත්සවයක දී ආහාර විෂ වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එම පිරිසට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්. ආහාර විෂවීම හේතුවෙන් එරගම රෝහලට ඇතුළත් කළ දෙසිය තුන් දෙනෙකුගෙන් එකසිය විසි දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 

එම රෝහලේ ප්‍රතිකාර ලබන පිරිසට කාන්තාවන් 18 දෙනෙකු ඇතුළත්.

අක්කරේපත්තුව මූලික රෝහලේ කාන්තාවන් අට දෙනෙකු හා ළමුන් 17ක් ඇතුළුව විසිනව දෙනෙකු ප්‍රතිකාර ලබනවා. 
අක්කරේපත්තුව අම්පාර පාර රෝහලේ කාන්තාවන් 12 දෙනෙකු හා ළමුන් තිදෙනෙකු ද ඇතුළුව දහඅට දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. 

ඔලූවිල් රෝහලේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14ක්. ඒ අතරට කාන්තාවන් නව දෙනෙකු සහ එක් ළමයෙකු ද අයත්. 

වාලච්චේන රෝහලේ කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් හතර දෙනෙකුද ඇතුළුව අට දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වන්නේ. 

ඉකුත් පස්වනදා රාත්‍රී 12 සිට ආහාර විෂ වී රෝගී වූ පිරිස් මේ දක්වා වරින් වර රෝහල්ගත වී තිබෙනවා. 

ඒ අතරට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස් ද ඇතුළත්. ඉකුත්දා ඇති වූ සිද්ධියෙන් පසුව හයසියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. 

මෙම පල්ලියේ පැවති උත්සවයේ දී පන්දහසකට පමණ ආහාර ලබාදී තිබෙනවා. 

එහිදී ඔවුන්ට ආහාර ලබාදීම සඳහා සහල් කිලෝ දහසක් සහ ගවයින් හත් දෙනෙකුගේ මස් යොදාගෙන තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල ප්‍රකාශ කළා.  

නේපාලයේ පැවති ආගමික උත්සවයක දී ගවයින් පන්දහසක් ඇතුළු සතුන් ලක්ෂ 03කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය සමයේ ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළා. 

මෙම සිද්ධියෙන් පසුව එරට ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් දහස් ගණනකට ජීවිත අහිමි වීම ද බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ කරුණක් වුණා. 

ගවමස් කෑ අම්පාරේ තිදෙනෙක් මරුට - 120ක් තවමත් රෝහලේ (07-04-2017 06.32)

---------------------------------------------------------------------------------------------------

ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කළ අම්පාරේ පුද්ගලයින් පන්සියයකට අධික පිරිසක් අතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ප්‍රදේශයේ ආගමික ස්ථානයක පැවති පූජාවක් අතරතුර ලබාදුන් ආහාර අනුභව කළ පිරිසක් මෙලෙස රෝගී වී රෝහල්ගත කෙරුණා. 

ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අම්පාර, එරගම හා අක්කරෙයිපත්තුව රෝහල්වලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පැවසුවේ. 

රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට තවදුරටත් ප්‍රතිකාර ලබාදීම මේ වනවිටත් සිදුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. 

ප්‍රතිකාර ලබන සැලකිය යුතු පිරිසකගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමට පත්වෙමින් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.