Saturday, September 21, 2024

General line - 0115112241

කොළඹ සිට අඹේවෙල බලා ධාවනය වූ ලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි




කොළඹ සිට අඹේවල දක්වා ධාවනය වූ ලොරි රථයක් හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගමන් කර ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ලොරි රථය අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. 

අනතුරෙන් ලොරි රථයේ රියදුරා තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. 

රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.