Saturday, September 21, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික කතක් මියයාම ගැන පරීක්ෂණ




කුවෙට්හි සිට මෙරටට පැමිණි ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් යානය තුළදීම ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා. 

අද අලූයම 4 යි 50ට පමණ කටුනායක ගුවන් තොටුපලට පැමිණි කුවෙට් ගුවන් සේවයට අයත් කේ යූ 361 දරණ යානයෙන් ඇය මෙරටට පැමිණියා. 

ජීවිතක්ෂයට පත් වූ මෙම කාන්තාව නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක්. 

ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලට රැගෙන ගොස් තිඛෙනවා.