Saturday, September 21, 2024

General line - 0115112241

පිළියන්දලදී තුන් ලක්ෂ 80000ක කොල්ලයක්




පිළියන්දල පන්නිපිටිය, සිද්දමුල්ල ප්‍රදේශයේ ඉන්ධන හලක් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පිළියන්දල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් අහසට වෙඩි තබා ඉන්ධන හලේ සිටි සේවකයින් බිය ගන්වා ඔවුන් සතුව තිබූ රුපියල් තුන් ලක්ෂ අසූදහසක මුදලක් කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ. 

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරගෙන පැමිණි මෙම කොල්ලකරුවන් ඉන්ධන හලේ සේවකයින් තිදෙනෙකු සතුව තිබූ මුදල් මෙලෙස කොල්ලකා තිබෙනවා. 

ඔවුන අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.