Saturday, September 21, 2024

General line - 0115112241

බැලූම්ගලින් හෙළි කළ දුම්රිය සේවකයාගේ වැඩ තහනම්




දුම්රිය දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගේ මුදල් වංචා කළ බව කියන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල අනාවරණයෙන් පසු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

පරීක්ෂණය නිම වන තෙක් තාවකාලිකව ඔහුගේ වැඩ තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

සුමිත් සමරවීර නමැති මෙම පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවේ පාර්සල් සහ නිවේදන අංශයේ සේවය කළා. 

ඔහු සිදු කරන වංචාව සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලූම්ගල ඉකුත් දා අනාවරණ කළේ මෙලෙසින්. 

මෙම පුද්ගලයා සිදු කළ වංචා සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.