Saturday, September 21, 2024

General line - 0115112241

බංග්ලාදේශ පරාජයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු අඩුවෙයි 




පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අටවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු අඩු වී තිබෙනවා. 

ඒ, බංග්ලාදේශය සමඟ ඊයේ පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය පරාජයවීම හේතුවෙන්. 

101ක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු 99 දක්වා අඩු වී ඇති අතර 71ක්ව තිබූ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රසාද ලකුණු 74ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ අතර බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. 

ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. 

ශ්‍රී ලංකාවේ දී තරග වැදුණු බැවින් ශ්‍රී ලංකාවට තරගාවලිය ජයගත හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන් පසු වූ බව ගුරුසිංහ පවසනවා. 

පරාජය පිළිබඳ කණගාටු වන බවයි ඔහු පවසන්නේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් පස් දෙනා ලකුණු අතරට පැමිණිය යුතු බවත් එසේ නොවුණහොත් එය ගැටළුවක් වනු ඇති බවත් අසංක ගුරුසිංහ ප්‍රකාශ කර තිබෙනවා.