Saturday, September 21, 2024

General line - 0115112241

නෙවිල් ප්‍රනාන්දු රෝහල ආණ්ඩුවට ! සයිටම් සිසුන්ට ආණ්ඩුවේ රෝහල් දෙකකින් සායනික පුහුණුව




නෙවිල් ප‍්‍රනාන්දු ශික්‍ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට රජය යෝජනා කරනවා. එලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු එම රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමටද යෝජිතයි.

වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්‍ෂණය සමත් සයිටම් සිසුන්ට හෝමාගම සහ අවිස්සාවේල්ල යන රෝහල්වල වැඩිදුර සායනික පුහුණුවක් ලබාදීමටද එම පුහුණුවෙන් පසු ඔවුන් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්‍ෂණයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකට මුහුණදිය යුතු බවද රජය යෝජනා කර තිබෙනවා. නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සදහා වූ අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කිරීමටද යෝජිතයි. 


අභියාචනාධිකරණයේ තීන්දුවට සහ එකී තීන්දුවට එරෙහිව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති අභියාචනාධිකරණයට යටත්ව මෙම යෝජනා ඉදිරිපත් කරන බවද රජය පවසනවා. අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ජයන්ති විජේතුංගගේ අත්සනින්.
 

සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න.