Saturday, September 21, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් රුවන්වැලි මහා සෑ වන්දනාව හෙට




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන රුවන්වැලි මහා සෑ වන්දනාව හෙට සිදු කෙරෙනවා. පූජා ද්‍රව්‍ය රැගත් පෙරහැර සවස 4 ට ආරම්භ කිරීමට නියමිතයි. අනතුරුව පංචශීල සමාදානය සහ ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා.

පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මෙහෙය වන පහන්කන්ද ආශිර්වාද පූජාවද හෙට සිදු කෙරෙන්නේ රුවන්වැලි මහා සෑ පරිශ‍්‍රයේදීයි. ධාතු ගර්භ විස්තරය සහ සෑ රද වර්ණනාව පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් සිදුකෙරෙනවා. මහ සෑ වන්දනා ආශිර්වාද පූජාව පුජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් විසින් මෙහෙයවීමට නියමිතයි.

උදාවන අලූත් අවුරුද්දට සහ එළඹෙන වෙසක් පොහොයේදී ආරම්භ කෙරෙන බක්කුල මහා සෑයේ ඉදිකිරීම්වලට ආශිර්වාද ප‍්‍රාර්ථනා කිරීම මෙම පිංකමේ ප‍්‍රමුඛ අරමුණු වනවා. හැකි පමණ වනමල් ද රැගෙන ඊට සහභාගි වන ලෙසයි සියලූ සැදැහැවතුන්ට නෙත් එෆ් එම් රේඩියෝව ආරාධනා කර සිටින්නේ.