උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ‘‘රුවන්වැලි මහා සෑ වන්දනාව‘‘ අද පැවැත්වෙනවා.
පස්වරු 04ට කප් රුක ඇතුළු පූජා ද්‍රව්‍ය රැගත් පෙරහැර රුවන් වැලි මහා සෑ රදුන් අභියස දක්වා ගමන් අරම්භ කිරිමට නියමිතයි.
අනතුරුව පංචශීලය සමාදන් වීමෙන් පසු ධර්ම සාකච්ඡුාවක්ද එහිදී පැවැත්වෙනවා.
පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මෙහෙයවනු ලබන පහන් කන්ද ආශිර්වාද පූජාව සවස හයේ සිට රුවන් වැලි මහා සෑ රදුන් අභියසදී පැවැත්වීමට නියමිතයි.
ධාතු ගර්භ විස්තරය සහ සෑ රද වර්ණනාව සිදු කරනු ලබනනේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින්.
රාත්‍රී අටේ සිට පැවැත්වෙන මහා සෑ වන්දනා ආශිර්වාද පූජාව පූජ්‍ය ගනේකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබනවා.
මෙම වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජිවිව විකාශය කිරීමට නියමිතයි.
හැකි පමණ වන මල් රැගෙන රුවන් වැලි මහා සෑ රදුන් අභියසට පැමිණෙන ලෙස ද නෙත් එෆ් එම් රේඩියෝව සැදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.