Friday, May 3, 2024

General line - 0115112241

අලූත් අවුරුද්දේ අනතුර අඩු වෙයි




පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අලූත් අවුරුදු උදාවත් සමග සිදු වූ හදිසි අනතුරු සියයට 16කින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

දැනට වාර්තාවී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 185ක් බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජායසිංහ කියා සිටියේ. 

රෝගීන් හැත්තෑ දෙදෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළා. 

මහාමාර්ග අනතුරු 48ක් ද, නිවසේදී සිදු වූ අනතුරු 38ක් ද වාර්තාවී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ. 

මෙවර මෙතෙක් ගිනි කෙළි අනතුරු කිසිවක් වාර්තා නොවීම විශේෂත්වයක් බව ඔහු පවසනවා.