Friday, May 3, 2024

General line - 0115112241

සතොස ආදායම දෙගුණයකින් ඉහළට




මෙවර අලූත් අවුරුදු උත්සව සමයේදී ලංකා සතොස ආයතනයේ ආදායම පසුගිය වසර දෙක හා සැසදීමේදී දෙගුණයකින් වැඩිවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා. 

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ භාණ්ඩ කිහිපයක් සඳහා ක‍්‍රියාත්මක කරනු ලැබූ උපරිම මිළ සීමාව සාර්තකව ක‍්‍රියාත්මක කිරීමට ද හැකියාව ලැබුණු බවයි. 

වව්නියාව මීනානගර් ගම්මානයේ පැවති උත්සවයකට එක්වෙමින් අනතුරුව මාධ්‍යහමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව උදෙසා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.