Saturday, May 4, 2024

General line - 0115112241

සූර්ය සංක‍්‍රාන්තියෙන් රටම පිබිදෙයි - හොරණ රණවිරු ගම්මානයට නෙත් වෙතින් අවුරුදු




මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙටට යෙදී තිබෙනවා. 

පූර්ව භාග 11 යි 04ට උතුරු දිශාව බලා හිසට නුග පත් ද පයට කරදපත් ද තබා නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී නුගපත් මිශ‍්‍ර නානුගා ස්නානය කිරීම සුදුසු බවයි නැකත් පතෙහි සඳහන් වන්නේ. 

හිසතෙල් ගෑම වැනි පාරම්පරික අවුරුදු චාරිත‍්‍ර අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම වඩාත් වැදගත් වන බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය පී හේවාගමගේ සඳහන් කළේ. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව අලූත් අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර සිදු කළේ හොරණ රණවිරු ගම්මානයේ සිටයි. 

මේ වනවිට එහි අලූත් අවුරුදු උත්සවයක් සංවිධාන කර තිබෙනවා. 
                                    
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අපේ‍්‍රල් මස 17 වන සදුදාටයි. 

සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී දීකිරි හා ගිතෙල් මිශ‍්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභවකර පූර්ව භාග 6 යි 28ට උතුරු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බවයි නැකත් පත‍්‍රයේ සඳහන් වන්නේ.