Saturday, May 4, 2024

General line - 0115112241

කෝටියක හෙරොයින් සමග කොටුවූ පකිස්තානුවාගෙන් ප‍්‍රශ්න කෙරේ




හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 120ක් සමග කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේ දී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දී තිබෙනවා. 

ඔහු මෙරටට පැමිණ ඇත්තේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින්. 

මෙම පකිස්තානු ජාතිකයා පැලද සිටි සපත්තු යුගලයේ ව්‍යාජ පතුලත් සකසා එහි හෙරොයින් මත්ද්‍රව්‍ය සගවා තිබූ බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ. 

තිස් හත් හැවිරිදි සැකකරු අද මීගමුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

සොයා ගැණුනු හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වනවා.