Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානූ මොහොමඞ් ශේශාඞ්ට තරග තහනමක්




ඇෆ්ගනිස්තාන කඩුලූ රකින ක‍්‍රීඩක මොහොමඞ් ශේශාඞ්ට අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා. 

ඒ ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම හේතුවෙන්. 

අදාළ චෝදනාවට දින 14ක් ඇතුළත මොහොමඞ් ශේශාඞ් පිළිතුරු ලබා නොදුනහොත් ලබන 26 වැනිදා සිට තරග තහනමක් පනවන බවයි අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ. 

ඉකුත් ජනවාරි 17 වැනිදා කළ මුත‍්‍රා සාම්පල පරීක්ෂාවකට අනූව ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරුවී තිබෙනවා.