Friday, May 3, 2024

General line - 0115112241

ජනපති නිල නිවසේදී අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කරයි (PHOTOS)




සිංහල සිරිතට මුල් තැන දෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේ දී අද (14) අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කරනු ලැබුවා. 

වැඩ ඇල්ලීමේ චාරිත‍්‍රය ඉටු කරමින් ජනාධිපතිවරයා සිය නිල නිවස පරිශ‍්‍රයේ රත් සදුන් පැළයක් රෝපණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 

අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතීම සඳහා මැති ඇමතිවරුන් මෙන්ම හිතවතුන් විශාල පිරිසක් ද ජනාධිපති නිල නිවසට පැමිණ සිටියා. 

මේ අතර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී දළඳා මාළිගාවේ ශ‍්‍රී නාථ දේවාල භූමියේදී සිදු කරනු ඇති.