Saturday, May 4, 2024

General line - 0115112241

පන්නලදී ද්විත්ව ඝාතනයක් 




පන්නල බෝගහ ජනපදය ප‍්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. 

පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මිය ගොස් ඇත්තේ අවුරුදු 30 සහ 32 යන වයස්වල පසුවන දෙදෙනෙක්. 

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.