Sunday, September 22, 2024

General line - 0115112241

කුණු කන්ද කඩා වැටී මිය ගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට (PHOTOS/VIDEO) - UPDATE




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මිය ගිය තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (16) පස්වරුවේ සොයා ගැණුනා. 

ඒ එම ප‍්‍රදේශයේ මෙහෙයුම්වල නිරත යුද හමුදා බට පිරිස් විසින්. 

ඒ අනූව මෙම සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින් ගණන විසි පස් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

--------------------------------------------------------------------

කුණු කන්ද කඩා වැටී මිය ගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට (16-04-2017 PM 05:00)

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව විසිතුන දක්වා ඉහළ ගොස් තිබෙනවා.

--------------------------------------------------------------------

කුණු කන්ද කඩා වැටී මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට - තවත් නිවාස 130 ක නිවැසියන් ඉවත් කරයි (16-04-2017 AM 06:21)

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව විස්සක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අවසන් වශයෙන් මිය ගිය බවයි.

මෙම ආපදාවෙන් මිය ගිය පිරිස අතර ළමයින් පස් දෙනෙකු ද සිටින බව මීට පෙර තහවුරු කෙරුණා. 

මේ අතර කසල කන්ද ප‍්‍රදේශයේ තවදුරටත් බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන බවයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසන්නේ.

ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්වී සිටින බව ද ඔහු කියා සිටියා. 

අවතැන්ව තාවකාලික කඳවුරක නරතවී සිටින්නන්ට සහ විපතට පත්වූ අනෙක් අයට ආහාර පාන සහ සෙසු පහසුකම් සැලසීම ද තවදුරටත් සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

ආපදාව සිදු වූ ස්ථානය නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙස පිටස්තර සියලු දෙනාගෙන් නැවත ඉල්ලීමක් ද කෙරුණා. 

මීතතොටමුල්ල ප‍්‍රදේශයේ තවත් නිවාස 130 ක වැසියන් එම නිවාසවලින් ඉවත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ කර තිබෙනවා.

ඒ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්. මේ අතර ඇතැම් පිරිස් මීතොටමුල්ල කසල කන්ද ප‍්‍රදේශයෙන් ස්ථීරවම ඉවත් කිරීමට සිදු වන බව ඊයේ (15) ප‍්‍රකාශ කෙරුණා. එලෙස ඉවත් කෙරෙන පිරිස් සඳහා වන්දි ලබා දීමට ද රජය කටයුතු කරන බවයි අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත පැවසුවේ.