Sunday, September 22, 2024

General line - 0115112241

ජපානයේ තාක්ෂණික කණ්ඩායමක් මීතොටමුල්ලට




මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් සිදුවු ආපදාව පිළිබඳ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ කණගාටුව පළ කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමුකරමින් ඔහු සඳහන් කර ඇත්තේ විපතට පත් වැසියන්ට යළි සාමාන්‍ය ජීවිතයට එළඹීම සඳහා ජපානයේ පූර්ණ සහය ද ලබා දෙන බවයි. 

මේ අතර මෙම ආපදාව පිළිබඳ විමසා බැලීමට ජපානයේ තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව ද ඉදිරි සැලසුම් සකස් විය යුතු ආකාරය පිළිබඳ ඔවුන් උපදෙස් ලබා දෙනු ඇතැයි ද අග‍්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියා.