Sunday, September 22, 2024

General line - 0115112241

මීතොටමුල්ලෙන් ගොඩගත් දේහයන් 05 ක් හඳුනා නොගනී




මිතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ මිය ගිය කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද (16) සිදු කෙරෙන බවයි. 

එහිදී ඔහු පැවසුවේ "අද මෘත දේහ 12 ක් පමණ මෙම ස්ථානයට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලගේ අවසන් කටයුතු කොලොන්නාව පොදු සුසාන භූමියේදී අද දිනයේ සිදු කරන්න කටයුතු කරලා තියෙනවා. පොලිස් මෝචරියේ හඳුනා නොගත් දේහයන් 05 ක් තිබෙනවා. ඒ වගේම අද සොයා ගත් සහ ඊයේ රාත්‍රියේ මිය ගිය අයගේ දේහයන් ඥාතීන්ට භාර දීලා පසුව පොදු ස්ථානයකට රැගෙන එන්න කටයුතු කරනවා." යනුවෙනි.

කසල ගැටළුව විසදීමට නිලධාරීන් දැන්වත් සංවේදී විය යුතු බව ද නීතීඥ නුවන් බෝපගේ මෙහිදී කියා සිටියා.