Sunday, September 22, 2024

General line - 0115112241

ඕනෑවට වඩා ජංගම දුරකථන භාවිත කිරීමෙන්,  පවුල් ජීවිත අවුල් වෙන බව සමීක්ෂණයකින්  හෙළි වෙයි




ප‍්‍රමාණය ඉක්මවා දෙමව්පියන් ජංගම දුරකථන භාවිත කිරීම පවුල් ජීවිත කඩාකප්පල් වීමට එක් හේතුවක් වී ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. 

මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 11ත් 18ත් අතර 2000කට අධික පිරිසක් එක්කර ගැණුනා. 

ඔවුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් පවසා ඇත්තේ ජංගම දුරකථන භාවිතය නතර කළ හැකි දැයි තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටි බවයි. 

ජංගම දුරකථනය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් සියයට අසූ දෙකකට ආහාර ගැනිම පවා අතපසු වන බවයි සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

සති අන්තයේ පැය 03ත් 05ත් අතර ප‍්‍රමාණයක් දෙමාපියන්ගෙන් සියයට 37ක්  අන්තර්ජාලය තතුළ සැරිසරණ බවටද මෙහිදී අනාවරණ වී තිබෙනවා. 

බි‍්‍රතාන්‍යයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.