Sunday, September 22, 2024

General line - 0115112241

හිටපු කෝප් කමිටු සභාපති කණස්සල්ලෙන් - විශේෂ ප‍්‍රකාශයකටත් සූදානම්




බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ තමන් අද (24) දිනයේ පෙනී සිටින්නේ කිසිදු කැමැත්තකින් නොවන බව හිටපු කෝප් කමිටු සභාපති ඞ්ව් ගුණසේකර පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබාදෙන ලෙසට ලැබුණු දැනුම් දීමකට අනුව තමන් ඊට සහභාගී වන බවයි. 

සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බවද හිටපු කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළා. 

මහ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසන් සභාව අද සිය කටයුතු යළි ආරම්භ කරනවා. 

ඒ, අලූත් අවුරුදු නිවාඩු සමය අවසන් වීමෙන් පසුවයි. ඒ අනුව අද දිනයේ දී හිටපු කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර සාක්ෂි ලබාදෙනු ඇති. 

හෙට දිනයේ දී වත්මන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහ අනිද්දා දිනයේ දී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. 

ඛණිජ තෙල් සේවක වර්ජනයක් ක‍්‍රියාත්මක වුවද විදුලි උත්පාදනයට ගැටළුවක් සිදු නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. 

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ අවශ්‍යතරම් වන ඉන්ධන සංචිත බලාගාර සතුව පවතින බවයි. 

යම් හෙයකින් වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක වුවහොත් ඉදිරියේ දී ගනු ලබන ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුවන බව ඔහු සඳහන් කළා.