Saturday, July 27, 2024

General line - 0115112241

"අපේ ආණ්ඩුව කුණුත් විකුණුවා කියාවි" - ඇමති වජිර කියයි




ජනාධිපති සහ අගමැති ලබාදෙන දීර්ඝ කාලීන විසඳුම් තුළින් කුණු කන්ද යළිත් වෙනත් පිරිසකට භාර නොදෙන බවත් පසුගිය වසර 20 ක් පාලන කළ පිරිස රටට ඉතිරි කර ගියේ කුණු කන්දක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවැසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වව්නියාව උතුර, නැදුන්කර්නි මහා විද්‍යාලයේදී පැවැති ජනපති ජනතා සේවය නිල මෙහෙවර ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදීමේ වැඩසටහනට සහභාගි වෙමින්.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, "කොළඹ කුණු වෙනත් ප්‍රදේශවලට ගේන්න එපා කියනවා. කොළඹ නගරයට වෙනත් ප්‍රදේශවලින් දිනකට ලක්ෂ 10 ක් පමණ පිරිසක් පැමිණෙනවා. ලෝකයේ කුණුවලට හොඳ ඉතිහාසයක් තියෙනවා. පළමු ලෝක යුද්ධයට පෙර ස්වීඩන් ජාතිකයෙක් විසඳුම් සොයා ගත්තා. ඒ 1904 දී. දැන් එංගලන්තයේ කුණු නැව්වලින් ස්වීඩන්වලට ගෙන එනවා. නෝර්වේ කුණු නැව්වලින් ස්වීඩන්වලට ගෙන එනවා. 

අපේ කුණු කාටවත් එපා කිව්වොත් ලෝකයේ රටවල් නැව්වලින් ඇවිත් කුණු අරන් යාවි. අපේ ආණ්ඩුව කුණුත් විකුණුවා කියලා එතකොට කියාවි. අද දවසේ ජාතික ප්‍රශ්නයක් නිසා තමයි මම මෙය සඳහන් කළේ." යනුවෙනි.