Wednesday, February 19, 2025

General line - 0115112241

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ජනමත විචාරණයක්



නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයක් පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

කළුතර ප‍්‍රදේශයේ අද (24) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ "19 වතාවක් පැච් දාපු මේ කල් ඉකුත් වෙච්ච ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් අපි අරං එනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දෙන් සම්මත කරලා..ජනමත විචාරණයකිනුත් සම්මත කරලයි ඒක ගේන්නේ. මේක එපා කියලා කවුරු හරි කියනවා නම් ඒ අභියෝග භාරගන්න බැරි නිසයි එහෙම කියන්නේ." යනුවෙනි.