Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය රතුඑළි දල්වයි - ජනපති දැඩි තීරණ කිහිපයක් ගැනත් අවධානයෙන්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සියලුම මහජන නියෝජිතයින්ට මහනුවර ගැටඹේ ක‍්‍රිඩාංගණයේ පැවැත්වෙන මැයි රැළිය අනිවාර්ය කර තිබෙනවා.

ඊට සහභාගි වීම අනිවාර්ය කරමින් ලිඛිත දැනුම් දීමක් ද සිදු කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ. 

කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ  පක්ෂය ශක්තිමත් කිරීමට සහ රජය ශක්තිමත් කිරීමට අවශ්‍ය දැඩි තීන්දු තීරණ කිහිපයක් ජනාධිපතිවරයා විසින් මැයි මාසයේදී ගැනීමට සූදානමින් සිටින බවයි.