Saturday, July 27, 2024

General line - 0115112241

ගල් අරක්කු මිල අඩු කරන්න ශ්‍රීලනිප ඇමතිගේ යෝජනාවට එජාපයත් සහය දෙයි




සමාජයේ වැඩි දෙනෙකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න අද (24) කියා සිටියා.

කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යවරයා රජයට මෙම යෝජනාව ඉදිරිපත් කළේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදියි.

ආණ්ඩුවේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනෙකු භාවිතා කරන නිසා ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල ද අදහස් පළ කළා.