Saturday, July 27, 2024

General line - 0115112241

ඇමති පුතාගේ කැබ් රථයේ ගැටී එකම පවුලේ 04 ක් රෝහලේ - සියලුදෙනාගේ පාදවල අස්ථි බිඳී ගොසින්




අමාත්‍යවරයෙකුගේ පුත‍්‍රයෙකු ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක් යතුරුපැදියක ගැටී එකම පවුලේ මව , පියා සහ දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසක් මම කැබ් රථයේ ගමන් කර තිබෙනවා.

තුවාල ලැබූවන් පළමුව ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ඇතුළු පිරිස ගමන් ගත් කැබ් රථය ආනමඩුව මහඋස්වැව පළුගොල්ල ප‍්‍රදේශයේදී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ දැරියන් දෙදෙනා අවුරුදු 07 සහ 04 යන වයස්වල පසුවන්නන් වනවා. තුවාල ලැබූ මව සිව් මස් ගැබිණියක් ද වන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඔවුන් සියලුදෙනාගේම පාදවල අස්ථි බිදී ගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයට අනුයුක්ත සේවකයෙකු බවයි වාර්තා වන්නේ.