Friday, January 17, 2025

General line - 0115112241

කුණු පාරට ගෙනත් ජනතාව විරෝධය පායි




නිසි පරිදි කැළි කසල එකතු නොකිරීමට විරෝධය පළ කරමින් ඔරුගොඩවත්ත මංසන්ධිය අසල ඊයේ (24) රාත‍්‍රීයේ විරෝධතාවක් පැවැත්වුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එලෙස එකතු නොකළ කැළි කසල ප‍්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා ප‍්‍රදේශවාසීන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බවයි.

මේ හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වුණා.

කැලි කසල නිසි පරිදි එක් රැස් නොකිරීම හේතුවෙන් ප‍්‍රදේශය පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවයි උද්ඝෝෂනයට එක්ව සිටි පිරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ.