Sunday, September 22, 2024

General line - 0115112241

අගමැති ඉන්දියාව බලා යයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (25) ඉන්දියාව බලා පිටත්ව යනවා.

අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙම සංචාරයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති බවයි.

ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ එරට ජාතික කොංග‍්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි සමග ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම සංචාරය සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම ද සහභාගි වනු ඇති.