Wednesday, February 19, 2025

General line - 0115112241

මීතොටමුල්ල කුණු කන්දෙන් මරාන්තික රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්



මීතොටමුල්ල කුණු කන්දේ ඇති අපද්‍රව්‍ය තවදුරටත් කැළණි ගඟට එක්වුවහොත් ලේ අතීසාරය වැනි මාරාන්තික රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවපි‍්‍රය පවසනවා.

නෙත් එෆ්.එම් රේඩියෝවේ ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.

පාරිසරික පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා පළාත් පාලන ආයතනවල සහය අත්‍යව්‍යශ බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මේ සම්බන්ධ ප්‍රවීණයින් මට උපදෙස් දුන්නා ගංවතුරක් ආවොත් මීතොටමුල්ලේ කුණු කන්ද කැළණි ගඟට එකතු වෙන්න පුළුවන් කියලා. එතකොට මෙම රෝග වේගයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ වගේම මේ කුණු කන්දේ තියෙන බැර ලෝහ ඉතා අවදානම්. අපි හැමෝම ගෙදර තිබුණ කුණු ගොඩට පරණ බැටරි, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කලා. ඒවා අද මීතොටමුල්ලේ තැන්පත් වෙලා තියෙනවා." යනුවෙනි.