Saturday, July 27, 2024

General line - 0115112241

අධික උණුසුමට හේතුව සුළඟයි




රට තුළ දැනට පවතින උෂ්ණාධික කාලගුණය තවත් සතියක පමණ කාලයකින් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට ඇතැම් ප‍්‍රදේශවලට සුළු වශයෙන් වර්ෂාව පතිත වෙමින් ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල සඳහන් කළේ. 

උෂ්ණ අධික තත්ත්වයට හේතු වී ඇත්තේ සුළං ප්‍රවාහයේ පවතින අඩුවීම බවද සඳහන් කෙරුණා.

ඇතැම් ප්‍රදේශවල පවතින සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 03 කින් පමණ ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නා.

මෙම උෂ්ණාධික කාලගුණය සෑම වසරකම මෙම කාලයේ පවතින සාමාන්‍ය තත්ත්වයක් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.