Sunday, September 22, 2024

General line - 0115112241

විදුලිබල වැඩ බලන්න ගනේගල නම් කරයි




ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපති ලෙස ඩබ්ලිව්.බී ගනේගල පත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මේ බව සඳහන් කළා.

ඔහු මීට පෙර ද විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයේ කටයුතු කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ අනුර විජේපාල අද (26) සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමත් සමග එම ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබුණා.