Sunday, September 22, 2024

General line - 0115112241

ඉන්දු - ලංකා නව සබඳතා ගැන ඉන්දියාව සතුටින්




ගත වූ වසර දෙකක කාලය තුළ ඉන්දු ශ‍්‍රී ලංකා සබඳතා යළි ශක්තිමත් හා ගැඹුරු තලයකට පත්ව ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ් නාත් සිංග් පවසනවා.

එය උදාකර ගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිදු කළ සේවාව අගය කරන බවයි  ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ දූත පිරිස හමු වීමෙන් අනතුරුව ඔහු මේ අදහස් ප‍්‍රකාශ කළා.

එහි දී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ වසර දහස් ගණනක් පුරා දෙරට අතර ඓතිහාසික, සංස්කෘතික, ජනවාර්ගික සබඳතා පැවතුණ ද විවිධ අවස්ථාවල එම සබඳතා පළුදු වූ බවයි.

කලාපීය හා ගෝලීය ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය, මිනිස් ජාවාරම්, කළු සල්ලි ආදී විවිධ නිති විරෝධී ක‍්‍රියාවන් මැඩලීමට දෙරටේ බුද්ධි අංශ සමීපව ක‍්‍රියා කිරීම වැදගත් බවයි මෙහි දී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.