Sunday, September 22, 2024

General line - 0115112241

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ‘ සම්පූර්ණ වගකීම ජනපති මෛත්‍රී භාරගත යුතුයි - හිටපු ජනපති නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙන්න




පක්ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරමින් ගෙන යන වැඩපිළිවෙල නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ සම්පූර්ණ වගීකම පක්ෂ නායකයා භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම’’ යන ශීර්ෂය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. 

2015 ජනවාරී මාසයේ දී නව නායකයෙකු යටතට පත්වූයේ නොබෙදුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් බවත්, එම අවස්ථාවේදී පක්ෂ නායකත්වය තමන් සතුව තබා ගැනීමට උත්සහ නොකළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය රැුක ගැනීමේ උවමනාව නිසා බවත්, මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 

පක්ෂයේ ජනප‍්‍රිය චරිත ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සිදු කරමින් යන්නේ ශ‍්‍රීලනිපය ශක්තිමත් කිරීම නොව එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම බවද එහි සදහන්. 

වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂ බලවේගයට තමන් නායකත්වය දෙන බවත්, ආණ්ඩුවට එරෙහි මහජනතාවට ගාලූ මුවදොර මැයි රැළියට සහභාගී වී ප‍්‍රබල පණිවිඩයක් ලබාදීමට ඇරයුම් කරන බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ දක්වා තිබෙනවා.