Sunday, September 22, 2024

General line - 0115112241

උතුරු කොරියානු අර්බුදය විසදන්න රුසියානු - ජපාන නායකයින් මැදිහත් වෙයි




තවදුරටත් කුපිත ක්‍රියාවලින් ඉවත් වන ලෙස උතුරු කොරියානු රජයෙන් ඉල්ලා සිටීමට රුසියාව සහ ජපානය එකගතාවකට පැමිණ තිඛෙනවා. 

රුසියාවේ නිල සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ සහ රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් අතර පැවති හමුවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි බී බී සී ලෝක සේවය වාර්තා කළේ. 

එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ රුසියාව ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී මෙන්ම උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදය විසදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දී වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බවයි. 

මේ අතර උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදාබැලීම් හේතුවෙන් මතුව ඇති උණුසුම් තත්වය තීව්‍ර කරමින් අමෙරිකාව ඊයේ ප්‍රකාශ කළේ උතුරු කොරියාවට එරෙහි ආර්ථීක සම්බාධක තවදුරටත් දැඩි කරන බවයි.