Sunday, September 22, 2024

General line - 0115112241

‘නිළ වශයෙන් ආරාධනාවක් ලැබුණොත් සළකා බලනවා‘




ඉදිරි මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමට නම්, පක්ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වූ පිරිස්වලට සැලකිය යුතු බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. 

මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

තමන් සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයෙක් බැවින් පාක්ෂිකයින් සම්බන්ධයෙන් වේදනාවෙන් කතා කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ. 

තමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිතයේ අඩකට වඩා කැපකළ අයෙකු බවත්, නිළ වශයෙන් ආරාධනාවක් ලැබුණහොත් පක්ෂය හා එක්වීම පිළිබඳ සළකා බලන බවත් පැවසීය.